දැන් විමසන්න

ආයතනික සමාජ වගකීම්

විශ්ලේෂණය

රටවල් 70 කට අධික සංඛ්‍යාවක වෙළඳපලක් පවතින DSI ටයර් මේ වන විට ටයර් නිෂ්පාදන කර්මාන්තයේ ගෝලීය ප්‍රමුඛයන් අතර සිට පසුගිය දශක 3 තුළ අතිවිශිෂ්ට සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙන අතර අපගේ නිෂ්පාදන ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් විසින් ජාතිකත්වය සහ විශ්වාසය පිළිබඳ හැඟීමකින් යුතුව හොඳින්ම පිළිගන්නා නිශ්පාදන බවට පත්කර තිබේ.එමෙන්ම සාර්ථක ව්‍යාපාරයකට සමාජය හා පරිසරය සමඟ ශක්තිමත් සම්බන්ධතාවයක් තිබිය යුතු යැයි අපි විශ්වාස කරමු.පරිසරයෙන් ලබාගත් දේ නැවත පරිසරයට ලබා දිය යුතු අතර ඒ හා සමානව සමාජයෙන් ලබාගත් දේ නැවත සමාජයට ලබා දිය යුතුය.හොඳ ව්‍යාපාරයක් මෙම ගනුදෙනු කරන්නේ බොහෝ අගය එකතු කිරීම හා අඩු පරිසර දූෂණ තත්වයන් පවත්වා ගනිමින්ය.එබැවින්,DSI ටයර්ස් සිය ආයතනික සමාජ වගකීම් කැපවීම කෙරෙහි ඉතා දැඩි අවධානය යොමු කරන අතර ප්‍රජා සවිබල ගැන්වීම, සේවක සවිබල ගැන්වීම, ආයතනික පරාර්ථකාමීභාවය තුලින් සමාජය සහ පරිසරය සංරක්ෂණ කටයුතු වලින් සුරක්ශිත පරිසරයක් යන කරුණු හතරෙන් මේ ලොව ආරක්ශා කිරීමට අපගේ දායකත්වය නොමඳව ලබාදේ.

2
ප්‍රජා සවිබල ගැන්වීමේ ව්‍යාපෘති
2
සේවක සවිබල ගැන්වීමේ ව්‍යාපෘති
1
පරිසරය ආරක්ෂා කිරීමේ ව්‍යාපෘති
1
ආත්ම අභිමානය ඇති කිරීමේ ව්‍යාපෘති
තෝරන්න
17
May
2018

ආත්ම අභිමානය ඇති කිරීමේ ව්‍යාපෘති

ආත්ම අභිමානය යනු යමෙකුට තමන්ගේ මුලුමහත් ආත්මීය භාවාත්මක හැඟිම් ඇඟයීමකට ලක්කල හැකි හෝ තක්සේරුකට එලඹිය හැකිදෙයකි.ආත්මාභිමානය සාමාජීය මානසික බැඳීමක් ලෙස ආකර්ශනය වීමේ නැඹුරුතාවයක් දකින්නට තිබෙනවා.පර්යේශකයන් සංකල්පීය වශයෙන් සොයාගෙන තිබෙන පරිදි මෙය අධ්‍යාපන ජයග්‍රහණය,සතුට,විවාහය සහ සබඳතා වල තෘප්තිමත් බව සහ අපරාධාත්මක හැසිරීම් වැනි කරුණු කිහිපයක සානුබල දීමක ප්‍රතිපලයක් ලෙස ඇතිවී තිබෙනවා.
12
Jul
2018

මහපොළව රැකගැනීමේ ව්‍යාපෘතිය

අප ජීවත්වන පෘථිවිය මානව වර්ගයාගේ එකම ග්‍රහලොව වන අතර සියලු ජීවීන් අතරින් වඩාත්ම බුද්ධිමත්ම ජිවියා ලෙස එය ආරක්ෂා කිරීමේ විශාලතම වගකීම මිනිසුන් වන අප දරයි.කෙසේ වෙතත් අවාසනාවට ලෝකයේ පරිසරය මුහුණ දෙන ලොකුම ප්‍රශ්නය වන්නේ මිනිසුන්ගේ අධිජනගහනයයි.එ වගේම දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය නැතිවීම, සාගර ආම්ලීකරණය, ඕසෝන් ස්ථර ක්ෂය වීම, ජලය දූෂණය වීම සහ වන විනාශය වැනි පාරිසරික ගැටළු රාශියක් ඇති කරමින් පසුගිය වසර 60 තුළ මිනිස් ජනගහනය තුන් ගුණයකින් එනම් බිලියන 7.6ක් දක්වා වැඩි වී තිබේ.එමෙන්ම මේ දේශගුණික විපර්යාසයන් දශකයකට අස්වැන්න 2% කින් අඩුකරනු ඇතැයි විශ්වාස කරන අතර 2050 වන විට 50% වැඩිපුර ආහාර නිශ්පාදනයක් අවශ්‍ය වනු ඇතැයිද ගණන් බලා ඇත.මානව ක්‍රියාකාරකම් දේශගුණයට බලපා ඇති අතර දේශගුණ විද්‍යාඥයන්ට අනුව දේශගුණික විපර්යාස මගින් පරිසරයට සිදුවී ඇති හානිය ඉවත් කිරීමට දැන් ප්‍රමාද වැඩිය. අප ජීවත් වන මේ පෘතුවිය ආරක්ෂා කිරීම සියලු මිනිසුන්ගේ ප්‍රමුඛතාවය විය යුතුය.
12
Jul
2018

සුභසාධන පහසුකම්

වාර්ෂික ඇගයීමට අමතරව, DSI ටයර් සේවකයින්ගේ එදිනෙදා ඔවුන් ලබාදෙන දායකත්වය හඳුනාගෙන ඔවුන්ට ආහාර, ඖෂධ සහ නිල ඇඳුම් වැනි මූලික අවශ්‍යතා සැපයීමට කටයුතු කර ඇත.එමෙන්ම උදේ ආහාරය නොමිලේ ලබා දෙන අතර දිවා ආහාරය සහ රාත්‍රී ආහාරය අපගේ ආපනශාලාවේ සහන මිලකට ලබා දේ. නිල ඇඳුම් සහ අවශ්‍ය පුද්ගලික ආරක්ෂක උපකරණ ද නොමිලේ නිකුත් කෙරේ.
30
Jun
2017

DSI ටයර් උපහාර

DSI ටයර් උපහාර යනු දීර්ඝ කාලයක් තිස්සේ අපගේ සාර්ථකත්වයට දායක වූවන් අගය කිරීම සඳහා සංවිධානය කරන ලද වාර්ෂික උත්සවයකි.වාර්ෂික දීර්ඝ සේවා අගය කිරීම විනෝදාස්වාදය සමඟ පවත්වන විශිෂ්ට උත්සවයක් වන අතර එහිදී වසර 10 ක සේවා කාලය සම්පූර්ණ කරන සේවකයින් සිහිවටන, පදක්කම්, සහතික සහ මුදල් වවුචර සමඟ පිළිගනු ලැබේ. මීට පෙර උපහාර උත්සව එල්ෆින්ස්ටන් රඟහල, ටවර් ශාලාව, නෙලුම් පොකුන සහ BMICH යන ස්ථාන වල පැවැත්විනි.
29
Jun
2018

ගංවතුර පරිත්‍යාග

පසුගිය වසර කිහිපය තුළ පහත් බිම් ප්‍රදේශවල පෙර නොවූ විරූ ගංවතුර ව්‍යසනයන් සිදුවිය. මෙය බොහො විට සිදුවුයේ අනවසර ඉදිකිරීම් වැඩිවීම හා වගුරු බිම් ගොඩ කිරීම නිසා විය හැකිය. දහස් ගණනක් නිවාස අහිමි වූ අතර පැය කිහිපයකින් සිය ගණනක් සිය ජීවිත මෙම ගංවතුර නිසා අහිමි වූහ.දැඩි ලෙස පීඩාවට පත් ප්‍රදේශවල නායයෑම් හේතුවෙන් මාර්ග ප්‍රවේශය කපා හැර තිබූ නිසා දින කිහිපයක් තිස්සේ විදුලිය හා පානීය ජලය නොමැතිව තත්වය තවත් උඝ්‍ර අතට පත්වී තිබුනි.උපකාර ඉල්ලා හඬා වැලපෙමින් සිටින අපේම දහස් ගණනකගේ අවශ්‍යතාවය ක්ෂණික හඳුනාගත් DSI ටයර් අප, අපගේ අඛණ්ඩව ක්‍රියාත්මක වන ආයතනික සමාජ වගකීම් ක්‍රියාකාරකම්වල කොටසක් ලෙස ගංවතුරෙන් විපතට පත්වූවන්ට ආධාර කිරීම සඳහා ඉතා ඉක්මනින් කාලෝචිත ව්‍යාපෘතියක් සැලසුම් කරන ලදී. වියළි සලාක සහ වෙනත් අත්‍යවශ්‍ය දෑ පරිත්‍යාග කිරීම සඳහා මෙම වැඩසටහන මඟින් ගංවතුරෙන් දරුණු ලෙස බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක තෝරා ගත්තේය.
19
Jun
2019

DSI ටයර් සවිබල සත්කාරය – “පාසලට පුස්තකාලයක්“

ප්‍රජා සවිබල ගැන්වීම ළදරු පාසැල් මට්ටමෙන් ආරම්භ විය යුතු අතර හොඳින් පෝෂණය වූ, හොඳින් සංවර්ධිත ළමා කාලය යනු සම්පූර්ණ මිනිසෙකුගේ පූර්ව අවශ්‍යතාවයක් වන අතර වැඩි දරුවන් ප්‍රමානයකට පාසලට ප්‍රවේශ වීමට හොඳම විදිය ලෙස පාසල් අවශ්‍යතා පිළිබඳව සොයා බැලීය යුතු බව DSI ටයර් අප වටහා ගන්නා ලදී. පෞද්ගලික අංශයේ මැදිහත්වීම විශාල වීමත් සමඟ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැඩි තරඟයක් පවතී.ධනවත් මිනිසුන් විදේශ අධ්‍යාපනය සහ ජාත්‍යන්තර පාසල්වල වඩා හොඳ අවස්ථාවන් ලබා ගැනීමට උත්සාහ කරන අතර, අඩු පහසුකම් හා මූල්‍ය හැකියාවන් ඇති ළමුන් එක්කෝ මුල් අවධියේදී අධ්‍යාපනය අතහැර දැමීමට හෝ අඩු රැකියා අවස්ථා සහිත සුදුසුකම් ලබා ගැනීම සඳහා ඉතා අපහසුවෙන් අධ්‍යාපනය දිගටම කරගෙන යාමට පෙළඹේ. අපගේ අභිප්‍රාය වූයේ ආයතනික සමාජ වගකීම් වැඩසටහනක් මඟින් අඩු වරප්‍රසාද ලත් දරුවන් සවිබල ගැන්වීම සඳහා හොඳම විකල්පය ගවේෂණය කිරීමයි. අධ්‍යාපනික හා විෂය බාහිර ද්‍රව්‍ය වලින් ඔවුන්ට සහාය දෙනවාට වඩා, ඔවුන්ට අධයාපනයෙන් ලොකු දුරක් යෑමට ලබාදිය යුතු හොඳම දේ වන්නේ “පොත” බව අපගේ තේරීවිය.