දැන් විමසන්න

ආයතනික සමාජ වගකීම්

මහපොළව රැකගැනීමේ ව්‍යාපෘතිය

12
Jul
2018

අප ජීවත්වන පෘථිවිය මානව වර්ගයාගේ එකම ග්‍රහලොව වන අතර සියලු ජීවීන් අතරින් වඩාත්ම බුද්ධිමත්ම ජිවියා ලෙස එය ආරක්ෂා කිරීමේ විශාලතම වගකීම මිනිසුන් වන අප දරයි.කෙසේ වෙතත් අවාසනාවට ලෝකයේ පරිසරය මුහුණ දෙන ලොකුම ප්‍රශ්නය වන්නේ මිනිසුන්ගේ අධිජනගහනයයි.එ වගේම දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය නැතිවීම, සාගර ආම්ලීකරණය, ඕසෝන් ස්ථර ක්ෂය වීම, ජලය දූෂණය වීම සහ වන විනාශය වැනි පාරිසරික ගැටළු රාශියක් ඇති කරමින් පසුගිය වසර 60 තුළ මිනිස් ජනගහනය තුන් ගුණයකින් එනම් බිලියන 7.6ක් දක්වා වැඩි වී තිබේ.එමෙන්ම මේ දේශගුණික විපර්යාසයන් දශකයකට අස්වැන්න 2% කින් අඩුකරනු ඇතැයි විශ්වාස කරන අතර 2050 වන විට 50% වැඩිපුර ආහාර නිශ්පාදනයක් අවශ්‍ය වනු ඇතැයිද ගණන් බලා ඇත.මානව ක්‍රියාකාරකම් දේශගුණයට බලපා ඇති අතර දේශගුණ විද්‍යාඥයන්ට අනුව දේශගුණික විපර්යාස මගින් පරිසරයට සිදුවී ඇති හානිය ඉවත් කිරීමට දැන් ප්‍රමාද වැඩිය. අප ජීවත් වන මේ පෘතුවිය ආරක්ෂා කිරීම සියලු මිනිසුන්ගේ ප්‍රමුඛතාවය විය යුතුය.

පරිසරය පිරිසිදුව තබා ගැනීමේ වගකීම සහ කාර්මිකකරණය මගින් පසුගිය සියවසේදී සොබාදහමේ මවට විශාලතම හානිය සිදුවී ඇති බව DSI ටයර් හොඳින් වටහා ගෙන ඇති නිසා  රසායනික ද්‍රව්‍ය හා දිරාපත් නොවන අපද්‍රව්‍ය සම්බන්ධ කර්මාන්තයක් ලෙස පරිසරය නිරුපද්‍රිතව තබා ගැනීම සඳහා හැකි සෑම පියවරක්ම ගැනීමට අප විසින් ගෙන ඇත. “මහපොළව ආරක්ෂා කරන්න” යනු අපගේ අසල්වැසි ප්‍රදේශ පිරිසිදුව තබා ගැනීමේ අපගේ කැපවීමයි.

“මහපොළව ආරක්ෂා කරන්න” ව්‍යාපෘතිය යටතේ පරිසරය පිරිසිදුව තබා ගැනීමට පියවර ගණනාවක් ගෙන ඇත.

ව්‍යාපෘති

  • අපවිත්‍ර ජලය පිරිසිඳු කිරීම

කාර්මික ක්‍රියාවලිය මඟින් ඇතිවෙන අපිරිසිදු ජලය මෙන්ම සියලුම ආපනශාලාවල අපිරිසිදු ජලය පරිසරයට මුදාහැරීමට පෙර අපජල පවිත්‍රාගාර හරහා පිරිසිදු කරනු ලැබේ.

  • ඉන්ධන වායු විශ්ලේෂණය

බොයිලේරු වලින් කාබන් විමෝචනය අවම කිරීම සඳහා වරින් වර ඉන්ධන වායු විශ්ලේෂණය සහ ඉන්ධන ගැලපුම් සිදු කරනු ලැබේ.

  • දූවිලි පාලනය

සියලුම දූවිලි විමෝචන ප්‍රදේශ දූවිලි ආවරණ මඟින් ආරක්ශා කර ඇත

  • ශබ්ද දූෂණය පාලනය කිරීම

සියලු ශබ්ද උත්පාදනය කරන ප්‍රදේශ ආවරණය වන පරිදි ශබ්ද අවම කිරීමේ බාධක ඉදිකර ඇත.අප භාවිතා කරනුයේ ශබ්දය අවම වර්ගයේ ජනක යන්ත්‍ර පමණි.

  • පොලිතින් පාලනය

වර්ථමානයේ ටයර් ඔතන පොලිතින් වලින් ඉවත්ව කටයුතු කිරීමට අපි දැනටමත් සැලසුම් කරමින් සිටිමු.

  • පාරිසරික ආරක්ෂාව

මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කරන ලද පාරිසරික ආරක්ෂණ බලපත්‍රය (EPL) ලබාගෙන ඇත.

  • අවදානම් තක්සේරුව

DSI ටයර් විසින් අදාළ පරිසරය ආරක්ෂා කිරීම සඳහා ඇති අවදානම තක්සේරු කර ඇති අතර සියලු අවදානම් සහිත ප්‍රදේශ හඳුනාගෙන අවදානම් අවම කිරීමේ ක්‍රියාමාර්ග ගෙන ඇත.

  • ගිනි ආරක්ෂණ

ගිනි නිවිමේ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ගිනි ආවරණ සහතිකය ලබා ගැනීම.

  • ප්‍රමිතිය තබා ගැනීම

EPL ලබා ගැනීම පහසු කිරීම සඳහා කාර්මික තාක්ෂණ ආයතනය හරහා වායු විමෝචන පරීක්ෂණය සහ ශබ්ද මට්ටමේ පරීක්ෂණය සිදු කරන ලදී.