දැන් විමසන්න

ආයතනික සමාජ වගකීම්

ආත්ම අභිමානය ඇති කිරීමේ ව්‍යාපෘති

17
May
2018

ආත්ම අභිමානය යනු යමෙකුට තමන්ගේ මුලුමහත් ආත්මීය භාවාත්මක හැඟිම් ඇඟයීමකට ලක්කල හැකි හෝ තක්සේරුකට එලඹිය හැකිදෙයකි.ආත්මාභිමානය සාමාජීය මානසික බැඳීමක් ලෙස ආකර්ශනය වීමේ නැඹුරුතාවයක් දකින්නට තිබෙනවා.පර්යේශකයන් සංකල්පීය වශයෙන් සොයාගෙන තිබෙන පරිදි මෙය අධ්‍යාපන ජයග්‍රහණය,සතුට,විවාහය සහ සබඳතා වල තෘප්තිමත් බව සහ අපරාධාත්මක හැසිරීම්  වැනි කරුණු කිහිපයක සානුබල දීමක ප්‍රතිපලයක් ලෙස ඇතිවී තිබෙනවා.දශක දෙකකට පෙර මුලික ආත්ම විශ්ලේශනයක තිබෙන මානයන් හතරෙන් එක් ප්‍රවේශයක් ලෙස ආත්මාභිමානය හඳුනාගෙන තිබෙනවා.මූලික ස්වයං ඇගයීමකින් නිරූපණය කරන්නේ පුද්ගලයෙකුගේ තමන් පිළිබඳ මූලික ඇගයීම්, ඔවුන්ගේ හැකියාවන් සහ තමන්ගේ පාලනය ඇතුළත් වන ස්ථාවර පෞරුෂත්ව ලක්ෂණයි. ඉහළ තක්සේරුවක් ඇති පුද්ගලයින් තමන් ගැන ධනාත්මකව සිතන අතර ඔවුන්ගේ හැකියාවන් ගැන විශ්වාසයෙන් සිටිති.අනෙක් අතට, අඩු මූලික ස්වයං ඇගයීම් ඇති පුද්ගලයින්ට තමන් ගැනම සෘණාත්මක තක්සේරුවක් ඇති අතර ඔවුන්ගේ විශ්වාසයත් අඩු තැනක පවතී.නමුදු  මේ කුමන සමාජ පිළිගැනීම බොහෝ දුරට පුද්ගලයෙකුගේ ආත්ම අභිමානයට දායක වන අතර අඩු සමාජ පිළිගැනීමක් ඇති පුද්ගලයෙකු සාපරාධී ක්‍රියාවන් කිරීම දක්වා තම චර්‍යාව වෙනස් වීමේ ප්‍රවණතාවක්ද දැකිය හැකිය. සමාජය පුද්ගලයෙකුව පහත් කොට සලකන විට, ඔහු සෑම විටම ඕනෑම ආකාරයකින් සමාජයෙන් පළිගැනීමට නැඹුරු වේ.එ වගේම මේ සමාජ පිළිගැනීම මගින් ආත්ම අභිමානය පමණක් නොව පුද්ගලයෙකුගේ කාර්යක්ෂමතාව, පක්ෂපාතිත්වය සහ මිත්‍රත්වය ද වැඩි දියුණු කළ හැකිය.

අද වන විට ත්‍රිරෝද රථ රියදුරන් බොහෝ දෙනා DSI ටයර් භාවිතා කිරීම අපට සතුටක් නමුත් වෘත්තීයක් වශයෙන් සමාජය විසින් ප්‍රමිතියකින් තොර යැයි නොසලකා හරින ලද පිරිසක් වුවත් මොවුන් පොදු ප්‍රවාහන ඉල්ලුමට දක්වන දායකත්වයක් සුලු පටු නැත.නිසි පුහුණුවක් නොමැතිකම සහ රැකියාවට ඇතුල්වීමේ තිබෙන අවම සුදුසුකම් නිසා ත්‍රිරෝද රථ රියදුරු ප්‍රජාව වෘත්තීය පමණක් නොව ජීවන තත්ත්වයෙන් ද පහල වැටීමක් දකින්නට පුලුවන්.මේ නිසා ඔවුන්ගෙන් වඩා හොඳ සේවාවක් ලබා ගැනීමට සහ ඔවුන්ගේ ජීවිත වැඩිදියුණු කිරීමට මෙම ත්‍රීරෝද රථ ප්‍රජාවට මඟ පෙන්වීමේ අවශ්‍යතාවය DSI ටයර් අප දුටුවේය. එබැවින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා අපගේ ආයතනික සමාජ වගකීම් කැපවීම ලෙස අපි DSI ටයර් හැරවුමක අභිමානය ආරම්භ කර ඇත්තෙමු.