දැන් විමසන්න

ආයතනික සමාජ වගකීම්

DSI ටයර් සවිබල සත්කාරය – “පාසලට පුස්තකාලයක්“

19
Jun
2019

ප්‍රජා සවිබල ගැන්වීම ළදරු පාසැල් මට්ටමෙන් ආරම්භ විය යුතු අතර හොඳින් පෝෂණය වූ, හොඳින් සංවර්ධිත ළමා කාලය යනු සම්පූර්ණ මිනිසෙකුගේ පූර්ව අවශ්‍යතාවයක් වන අතර වැඩි දරුවන් ප්‍රමානයකට පාසලට ප්‍රවේශ වීමට හොඳම විදිය ලෙස පාසල් අවශ්‍යතා පිළිබඳව සොයා බැලීය යුතු බව DSI ටයර් අප වටහා ගන්නා ලදී. පෞද්ගලික අංශයේ මැදිහත්වීම විශාල වීමත් සමඟ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැඩි තරඟයක් පවතී.ධනවත් මිනිසුන් විදේශ අධ්‍යාපනය සහ ජාත්‍යන්තර පාසල්වල වඩා හොඳ අවස්ථාවන් ලබා ගැනීමට උත්සාහ කරන අතර, අඩු පහසුකම් හා මූල්‍ය හැකියාවන් ඇති ළමුන් එක්කෝ මුල් අවධියේදී අධ්‍යාපනය අතහැර දැමීමට හෝ අඩු රැකියා අවස්ථා සහිත සුදුසුකම් ලබා ගැනීම සඳහා ඉතා අපහසුවෙන් අධ්‍යාපනය දිගටම කරගෙන යාමට පෙළඹේ. අපගේ අභිප්‍රාය වූයේ ආයතනික සමාජ වගකීම් වැඩසටහනක් මඟින් අඩු වරප්‍රසාද ලත් දරුවන් සවිබල ගැන්වීම සඳහා හොඳම විකල්පය ගවේෂණය කිරීමයි. අධ්‍යාපනික හා විෂය බාහිර ද්‍රව්‍ය වලින් ඔවුන්ට සහාය දෙනවාට වඩා, ඔවුන්ට අධයාපනයෙන් ලොකු දුරක් යෑමට ලබාදිය යුතු හොඳම දේ වන්නේ “පොත” බව අපගේ තේරීවිය.