දැන් විමසන්න

ආයතනික සමාජ වගකීම්

ගංවතුර පරිත්‍යාග

29
Jun
2018

පසුගිය වසර කිහිපය තුළ පහත් බිම් ප්‍රදේශවල පෙර නොවූ විරූ ගංවතුර ව්‍යසනයන් සිදුවිය. මෙය බොහො විට සිදුවුයේ අනවසර ඉදිකිරීම් වැඩිවීම හා වගුරු බිම් ගොඩ කිරීම නිසා විය හැකිය. දහස් ගණනක් නිවාස අහිමි වූ අතර පැය කිහිපයකින් සිය ගණනක් සිය ජීවිත මෙම ගංවතුර නිසා අහිමි වූහ.දැඩි ලෙස පීඩාවට පත් ප්‍රදේශවල නායයෑම් හේතුවෙන් මාර්ග ප්‍රවේශය කපා හැර තිබූ නිසා දින කිහිපයක් තිස්සේ විදුලිය හා පානීය ජලය නොමැතිව තත්වය තවත් උඝ්‍ර අතට පත්වී තිබුනි.උපකාර ඉල්ලා හඬා වැලපෙමින් සිටින අපේම දහස් ගණනකගේ අවශ්‍යතාවය ක්ෂණික හඳුනාගත් DSI ටයර් අප, අපගේ අඛණ්ඩව ක්‍රියාත්මක වන ආයතනික සමාජ වගකීම් ක්‍රියාකාරකම්වල කොටසක් ලෙස ගංවතුරෙන් විපතට පත්වූවන්ට ආධාර කිරීම සඳහා ඉතා ඉක්මනින් කාලෝචිත ව්‍යාපෘතියක් සැලසුම් කරන ලදී. වියළි සලාක සහ වෙනත් අත්‍යවශ්‍ය දෑ පරිත්‍යාග කිරීම සඳහා මෙම වැඩසටහන මඟින් ගංවතුරෙන් දරුණු ලෙස බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක තෝරා ගත්තේය.

2016 සහ 2017 දී වියළි සලාක එකතු කර, ඇසුරුම් කර ආපදා කාලය තුළ බෙදා හරින ලදී. සීනි, තේ, කිරිපිටි, පරිප්පු, සහල්, සැමන්, දත්බෙහෙත් සහ දත් බුරුසු වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු පාර්සල් බෙදා හරිනු ලැබුවේ දිවයින පුරා විසිරී සිටි ගංවතුරෙන් අසරණ පවුල්වල සෞඛ්‍ය සම්පන්න බව සහ ඔවුන්ගේ ජීවන තත්වය නැවත නඟාසිටුවීමේ අරමුණ ඇතිවයි. ගංවතුර පරිත්‍යාග කිරීමේ වයාපෘතිය වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක කර ඇති අතර අවශ්‍යතාව ඇති වුවහොත් එය ඉදිරියෙදිත් ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.